පාකිස්තානයෙන් පිටුවහල් කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මානුෂීය අර්බුදයක

පාකිස්තානයෙන් ඇෆ්ගන් සරණාගතයන් විශාල පිරිසක් බලහත්කාරයෙන් පිටුවහල් කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය දරුණු මානුෂීය අර්බුදයක් බවට ජාත්‍යන්තර සංවිධාන අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය අගෝස්තු 7 වැනිදා පේෂාවර් මහාධිකරණය, ඇෆ්ගන් හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකු ඉදිරිපත් කළ සරණාගතභාවය සහ තාවකාලික පදිංචිය ඉල්ලූ පෙත්සම් ප්‍රතික්ෂේප කළා.

ඔවුන් ඇෆ්ගනිස්ථානයට යැවුවහොත් ජීවිතයට බරපතළ අනතුරක් ඇති බව ප්‍රකාශ කළද, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂාව ලබාදීමට ප්‍රමාණවත් හේතුවක් නොවන බව අධිකරණය තීන්දු කරනු ලැබුවා.

පාකිස්තාන බලධාරීන් පවසන්නේ පන්ජාබ් පළාතෙන් පමණක් ඇෆ්ගන් ජාතිකයන් 140,468 දෙනෙකු පිටුවහල් කර ඇති බවයි. රට පුරා 2023 සිට මේ දක්වා පිටුවහල් කර ඇති ඇෆ්ගන් ජාතිකයන්ගේ සංඛ්‍යාව මිලියන 2.68කට ආසන්න බවද වාර්තා වේ. බොහෝ දෙනා වසර ගණනාවක් පාකිස්තානයේ ජීවත් වූ පවුල්වල සාමාජිකයන් වනවා.

අත්අඩංගුවට ගන්නා ඇෆ්ගන් ජාතිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ටෝර්ඛම් දේශසීමාව හරහා ඇෆ්ගන් බලධාරීන්ට භාරදෙන බව පාකිස්තාන රජය සඳහන් කරයි. පන්ජාබ් පළාතේ පමණක් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන 39ක් ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාමාර්ගයෙන් කාන්තාවන්, ළමයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු අවදානම් කණ්ඩායම් දැඩි අනතුරකට මුහුණ දෙන බවයි. UNHCR වෙත ඇෆ්ගන් ජාතිකයන් 140 දෙනෙකු ජාත්‍යන්තර ආරක්ෂාව සහ තෙවැනි රටක නැවත පදිංචි කිරීම ඉල්ලා අයදුම් කර තිබෙනවා.

Doctors Without Borders (MSF) සංවිධානයද පාකිස්තානයෙන් බලහත්කාර පිටුවහල් කිරීම් නතර කරන ලෙස ඉල්ලා තිබේ. ක්වෙටා ප්‍රදේශයේ ඔවුන්ගේ ජංගම සායනවල ප්‍රතිකාර ලැබූ මන්දපෝෂණ රෝගීන්ගෙන් සියයට 90කට ආසන්න පිරිසක් ඇෆ්ගන් සරණාගතයන් බව එම සංවිධානය පවසනවා.

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ හිටපු රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ හෝ හිංසනයට ලක්වීමේ අවදානම පවතින බැවින්, මෙම පිටුවහල් කිරීම් මානුෂීය වශයෙන් බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08