බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධිය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
දිවුලපිටිය නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් පෙරේදා (13) දිනයේ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය සඳහන් කළා.
බස් රථ රියදුරා සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැමියා බිරිඳ සහ ඔවුන්ගේ මිතුරෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ඊයේ (14) දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය
වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී ඔවුන්ව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.
දිවුලපිටිය නගරයේ දී ධාවනය වෙමින් තිබූ බස් රථයකට පිටුපසින් පැමිණි මෝටර් රථයක් එකවරම බස් රථයට හරස් කර නවතා එහි සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයේ රියදුරු වෙත කඩුවක් අතැතිව පහරදීමට උත්සාහ කර තිබුණා.
එම සිදුවීම බස් රථය තුළ සිටි මගියෙකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර, ඒ පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.













