නාවික හමුදා අනතුරේ දී කැපවුණු පොලිස් නිලධාරීන් ඇගයීමට

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාව ආපදාවට ලක් වූ අවස්ථාවේදී, රළු මුහුදු තත්වය නොතකා කඩිනමින් මැදිහත් වී එහි සිටි නාවික පුද්ගලයන් එකොළොස් දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා සුවිශේෂී කැපවීමකින් හා ධෛර්යයකින් කටයුතු කළ අඟුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් නිලධාරීන් දස දෙනෙකු ඇගයීමට ලක් කරමින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීම අද (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් සිදු කරනු ලැබුවා.

මෙහිදී, අඟුලාන පොලිස් බල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර මහතා, අඟුලාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකු (10) වෙත අදාළ ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කෙරුණා.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී වෘත්තීය භාවයෙන්, නිර්භීතකමින් හා ක්ෂණික මැදිහත් වීමකින් යුතුව කටයුතු කරමින් නාවිකයින්ගේ ජීවිත බේරා ගැනීමට ලබා දුන් අගනා දායකත්වය මෙහිදී නාවික හමුදාධිපතිගේ විශේෂ ඇගයීමට ලක් විය. එමෙන්ම, සිය රාජකාරී සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ජීවිතාරක්ෂක මෙහෙයුම සඳහා දැක්වූ අඛණ්ඩ කැපවීම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති විසින් ඉතා ගෞරවාන්විතව සිහිපත් කරනු ලැබුවා.

තවද, මෙම ජීවිතාරක්ෂක මෙහෙයුමේදී නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවතින ශක්තිමත් අන්තර් ආයතනික සහයෝගීතාවයේ සුවිශේෂී නිදසුනක් වන අතර, එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ඇගයීම ඉවහල් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48