මධ්‍යම ආසියාව සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතවරයා කාශ්මීරයේ ශ්‍රීනගර් වෙත

ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් ජම්මු සහ කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ නිල සංචාරයක නිරත වී එහි මහ ඇමති ඔමාර් අබ්දුල්ලා හමුවී තිබෙනවා.

පසුගිය වසර 30 තුළ ශ්‍රීනගර් වෙත නිල සංචාරයක් කළ පස්වැනි සේවයේ සිටින ඇමරිකානු තානාපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙනවා.

දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතවරයාද වන ගෝර්, ඔමාර් අබ්දුල්ලා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව “ජම්මු සහ කාශ්මීරය ඉන්දියාවේ වැදගත් කොටසක්” බව ප්‍රකාශ කළා.

එමෙන්ම ජම්මු සහ කාශ්මීරය සඳහා දැනට පවතින ඇමරිකානු සංචාරක අනතුරු ඇඟවීම නැවත සමාලෝචනය කරන බවද ඔහු සඳහන් කළා.

මෙම සංචාරය සිදුව ඇත්තේ ජම්මු සහ කාශ්මීරයට යළි ප්‍රාන්ත තත්ත්වය ලබාදෙන ලෙස ඔමාර් අබ්දුල්ලා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීම් යළිත් තීව්‍ර කළ පසුබිමකයි.

ඉන්දීය නිදහස් දින දේශනයේදී ද ඔහු ප්‍රාන්ත තත්ත්වය යළි ලබාදීම සම්මේලන ක්‍රමය ශක්තිමත් කිරීමට අවශ්‍ය බව අවධාරණය කර තිබුණා.

1996 වසරෙන් පසු ශ්‍රීනගර් සංචාරය කළ ඇමරිකානු තානාපතිවරුන් වන්නේ ෆ්‍රෑන්ක් විස්නර්, රොබර්ට් බ්ලැක්විල්, ටිමොති රෝමර්, කෙනෙත් ජස්ටර් සහ දැන් සර්ජියෝ ගෝර් ය.

කෙනෙත් ජස්ටර් දෙවරක් ශ්‍රීනගර් සංචාරය කර ඇති අතර, 2018 අගෝස්තු මාසයෙන් පසු ස්වාධීන නිල සංචාරයක් කළ පළමු ඇමරිකානු තානාපතිවරයා වන්නේද සර්ජියෝ ගෝර් ය.

ඔමාර් අබ්දුල්ලා පවසා ඇත්තේ ජම්මු සහ කාශ්මීරයේ අභ්‍යන්තර දේශපාලන ගැටලු ඇමරිකානු තානාපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවත්, එම ගැටලු විසඳිය යුත්තේ නවදිල්ලියේ මධ්‍යම රජය සමඟ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57