ඉන්දීය සමාගම් ලාභ වර්ධනය වසර දෙකහමාරක ඉහළම මට්ටමට

ඉන්දියාවේ ප්‍රමුඛතම කොටස් වෙළෙඳපොළ දර්ශකය වන Nifty 50 සමාගම්වල ලාභ වර්ධනය ජූනි කාර්තුවේදී කාර්තු 10කින් ඉහළම මට්ටමට ළඟා වී තිබෙනවා.

රොයිටර්ස් වාර්තාවකට අනුව, Nifty 50 සමාගම්වල සාමාන්‍ය ලාභ වර්ධනය සියයට 18ක් ලෙස වාර්තා වී ඇති අතර, එය වෙළෙඳපොළ විශ්ලේෂකයන් අපේක්ෂා කළ මට්ටමද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

විශාල, මධ්‍යම සහ කුඩා පරිමාණ සමාගම් රැසක ආදායම් සහ ලාභ වර්ධනය ශක්තිමත්ව පැවති අතර, Motilal Oswal ආයතනය එම කාර්තුව “පරිපූර්ණ කාර්තුවක්” ලෙස හඳුන්වා දී තිබෙනවා.

Hindalco, Reliance Industries, JSW Steel, ONGC සහ Bharti Airtel සමාගම් මෙම ලාභ වර්ධනයට ප්‍රධාන දායකයන් ලෙස සඳහන් වනවා.

බැංකු සහ මූල්‍ය ආයතන ණය වර්ධනය වේගවත් වීම සහ ණය අවදානම් වියදම් අඩු වීමෙන් ප්‍රතිලාභ ලබා ඇති අතර, ලෝහ, සිල්ලර වෙළෙඳාම, ස්වර්ණාභරණ සහ පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රවලද ඉල්ලුම ශක්තිමත්ව පැවති බව විශ්ලේෂකයෝ පවසනවා.

කෙසේ වෙතත්, බොරතෙල් අලෙවි සමාගම් පමණක් ජූනි කාර්තුවේදී සැලකිය යුතු පාඩු වාර්තා කර තිබේ. මැදපෙරදිග උණුසුම් තත්ත්වය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාම එම සමාගම්වල ලාභයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

මේ අතර, ලෝහ, බොරතෙල් ආශ්‍රිත අමුද්‍රව්‍ය, පාම් තෙල්, ප්‍රවාහන සහ වැටුප් වියදම් ඉහළ යාම හේතුවෙන් මෝටර් රථ, පාරිභෝගික භාණ්ඩ සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල ලාභ ආන්තිකයන්ට පීඩනයක් එල්ල වී ඇති බවද වාර්තාව සඳහන් කරනවා.

එහෙත්, ඉදිරි කාලයේ උත්සව සමයේ පාරිභෝගික වියදම්, GST ආදායම්, ණය ව්‍යාප්තිය සහ ආයෝජන ක්‍රියාකාරකම් ඉන්දීය සමාගම්වල ලාභ වර්ධනය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57