“ලෝක ඉතිහාසයේ වඩාත් සන්නද්ධම හමුදාව වන අමෙරිකානු හමුදාව ‘දණින් වැටෙන තත්ත්වයට’ පත් කිරීමට” ඉරානය සමත් වී ඇතැයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී අහමඩ් වහිදි පවසනවා.
එරට හමුදා මාධ්‍යයක් වන ‘සෙපාහ් නිව්ස්’ (Sepah News) හි පළ වූ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණා.
පසුගිය සතියේ දී ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි විසින් අභිනවයෙන් පත් කරනු ලැබූ හමුදා ප්‍රධානීන් කිහිපදෙනා අතර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී අහමඩ් වහිදි වනවා.













