සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට නව පනතක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැඩි වීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සහ පුරවැසියන් එවැනි ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟි ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඒ සඳහා දැනට ක්‍රියාත්මක නිශ්චිත නීතිවල අඩුපාඩු පවතින බව සහ පවතින සාමාන්‍ය නීති ප්‍රමාණවත් නොවන බව රජය හඳුනාගෙන තිබෙනවා.

එබැවින්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පදනම් කර ගැනීමට හැකි වන පරිදි මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පතමත පදනම්ව, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනත කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා; සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කරනු ලැබූ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27
Video thumbnail
උපාලි ධර්මදාසට සමුදෙන්න යෝෂිත රාජපක්ෂ එයි - දේහය ළඟ හැමෝම සංවේදී වෙයි
02:22