ෂැංහායි සහ කොළඹ, සහෝදර නගර සම්බන්ධතාවය වේගවත් ඉදිරි ගමනක

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන (29) චීනයේ ෂැංහායි නගරයේ දී ෂැංහායි නගරාධිපති ගොන්ග් සෙන්ග් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා.

ලොව වරාය නගරවලින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති චීනයේ ෂැංහායි සහ ඉදිරි කාලයේ දී නැගෙනහිර සහ බටහිර අතර නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයක් වීමට සැලසුම් කර ඇති කොළඹ සහ හම්බන්තොට නගර අතර සවිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට මෙහිදී එකඟත්වය පළ කෙරුණා.

කොළඹ සහ ෂැං හායි අතර සහෝදර නගර ගිවිසුම අත්සන් කර බොහෝ කාලයක් ගත වී ඇති අතර, තම සහෝදර ප්‍රසන්න ගුණවර්ධන නගරාධිපති ධුරයේ සිටින කාලයේ අත්සන් කළ මෙම ගිවිසුම යටතේ තවදුරටත් විශාල වැඩ කොටසක් සිදුකළ හැකිබව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ෂැං හායි නගරය භාණ්ඩ ප්‍රවාහනයේ දී කන්ටේනර් ප්‍රවාහනය අතින් මිලියන 49.5ක් සම්පූර්ණ කර පසුගිය වසරේ භාණ්ඩ ප්‍රවාහන ලෝකයේ ප්‍රථම ස්ථානයට පත් වී ඇති අතර එම ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම් අතිමහත් බව මෙහිදී අවධාරණය කෙරුණා.

යුවාන් ට්‍රිලියන 4.72ක වාර්ෂික නිෂ්පාදන ආදායමක් ලබන ෂැංහායි නගරය ඊට අමතරව ලොව පළමු පෙළේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ද මූල්‍ය ගනුදෙනු සඳහා වූ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදීමට ෂැංහායි නගරාධිපතිවරයා මෙහිදී සහතික වුණා.

මිලියන 25ක ජනතාවක් සහිත ෂැං හායි නගරය සැලසුම් සහගත නාගරික සංවර්ධනයෙන් ලබා ඇති ප්‍රගතිය තුළින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි පාඩම් අති විශාල බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

එම සෑම ක්ෂේත්‍රයක් සඳහා ම ශ්‍රී ලංකාවට සහය දීමට ෂැංහායි නගරාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කළ අතර, ඒ ඒ ක්ෂේත්‍රවල නිලධාරීන් ෂැංහායි වෙත පැමිණ එම ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරන ලෙසටද ආරාධනා කළා.

යුනෙස්කෝ උරුම ගණනාවක් සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීන ජනතාව දක්වන උනන්දුව වැඩි වී ඇති අතර දැනට කොළඹ සහ ෂැංහායි අතර සිදුකෙරෙන ගුවන්ගමන් වැඩි කිරීමේ හැකියාව සොයා බැලීමට ද මෙහිදී එකඟත්වය පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18