ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේ ටිකට්පත් අලෙවිය ගැන තීරණයක්

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රවේශපත් අලෙවිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව අවසන් මහා තරඟයේ ප්‍රවේශපත් තරඟයට දින හතරකට පෙර අලෙවි කිරීම ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මාර්තු 04 වන දින පැවැත්වීමට නියමිත පළමු අවසන් පූර්ව තරඟය අවසන් වීමෙන් පසුව අවසන් මහා තරඟය සඳහා ප්‍රවේශපත් අලෙවිය ආරම්භ කරන බවයි.

කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පෙබරවාරි 19 වන දින ආරම්භවන තරඟාවලියේ අවසන් මහා තරගය මාර්තු 09 වන දින පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ සඳහා පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙවර ශූරයින්ගේ කුසලානය දෙමුහුන් ආකෘතියක් යටතේ පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සුදුකම් ලැබුවහොත් අවසන් තරගය ඩුබායි හිදී පැවැත්වෙන අතර, ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබුවොත් එම තරගය පාකිස්තානයේ ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානයේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් අලෙවි අද (28) දිනයේ සිට ආරම්භ කරන බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඩුබායි හිදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් අලෙවිය පිළිබඳව තවමත් දැනුම්දීමක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18