ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුව වැලිකතරේ දී සුපිරි කඩුලු දඩයමක

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වෙන ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්සස තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඒ, ඩෙසිට් වයිපර්ස් කණ්ඩායම වෙනුවෙන්.

එහිදී පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වීමට වනිඳු හසරංග සමත් වූ අතර, ඔහුගේ පන්දුවාර හතර තුළ ලකුණු 18ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඩුබායි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ඇන්ඩ්‍රෘ රසල්, සුනිල් නෙරායන් සහ චරිත් අසලංක ඊයේ තරගයේ දී වනිඳුගේ කඩුලු දඩයමේ ගොඳුරු බවට පත් වුණා.

ඩෙසිට් වයිපර්ස් සහ ඩුබායි නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති මෙම තරගය කඩුලු 07කින් ජය ගැනීමට ඩෙසිට් වයිපර්ස් කණ්ඩායම සමත් වූ අතර, තරගයේ වීරයා බවට පත් වුණේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගයි.

මේ අතර ඉන්දියාව සමඟ නිමා වූ එක්දින තරගාවලිය තුළ කඩුලු අතරට පැමිණීමට වනිඳුට නොහැකි වූ අතර, විස්සයි විස්ස තරගාවලිය තුළත් පන්දුවෙන් එතරම් දස්කම් දැක්වීමට ඔහුට අවස්ථාව හිමි වූයේ නැහැ.

කෙසේ වෙතත් වනිඳු යළිත් ජාත්‍යන්තර පිටියේ කඩුලු අතරට පැමිණීම ඔහුට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ටත් අස්වැසිල්ලක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56