spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුව වැලිකතරේ දී සුපිරි කඩුලු දඩයමක

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වෙන ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්සස තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඒ, ඩෙසිට් වයිපර්ස් කණ්ඩායම වෙනුවෙන්.

එහිදී පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වීමට වනිඳු හසරංග සමත් වූ අතර, ඔහුගේ පන්දුවාර හතර තුළ ලකුණු 18ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඩුබායි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ඇන්ඩ්‍රෘ රසල්, සුනිල් නෙරායන් සහ චරිත් අසලංක ඊයේ තරගයේ දී වනිඳුගේ කඩුලු දඩයමේ ගොඳුරු බවට පත් වුණා.

ඩෙසිට් වයිපර්ස් සහ ඩුබායි නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති මෙම තරගය කඩුලු 07කින් ජය ගැනීමට ඩෙසිට් වයිපර්ස් කණ්ඩායම සමත් වූ අතර, තරගයේ වීරයා බවට පත් වුණේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගයි.

මේ අතර ඉන්දියාව සමඟ නිමා වූ එක්දින තරගාවලිය තුළ කඩුලු අතරට පැමිණීමට වනිඳුට නොහැකි වූ අතර, විස්සයි විස්ස තරගාවලිය තුළත් පන්දුවෙන් එතරම් දස්කම් දැක්වීමට ඔහුට අවස්ථාව හිමි වූයේ නැහැ.

කෙසේ වෙතත් වනිඳු යළිත් ජාත්‍යන්තර පිටියේ කඩුලු අතරට පැමිණීම ඔහුට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ටත් අස්වැසිල්ලක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?