ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා සුදුස්සෙකු තෝරාගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කළ අතර ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමත් සමඟයි නව ප්‍රධාන පුහුණුකරුවගේ අවශ්‍යතාවය මතුව ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ අයදුම්පත් යොමුකළ යුතු බවයි.
ජාතික කාන්තා කණ්ඩායම සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත පුහුණු වැඩසටහන් උපායමාර්ගික සැලසුම් කිරීම සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම
සියලුම ජාත්‍යන්තර තරඟ, ද්විපාර්ශ්වික තරඟාවලි සහ ICC ඉසව් සඳහා කණ්ඩායම සූදානම් කිරීම
ශක්තිමත් හා තරඟකාරී ජාතික සංචිතයක් ගොඩනැගීම සඳහා ඉහළ දක්ෂතා හඳුනා ගැනීම, පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම
ප්රශස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනය සහ කණ්ඩායම් කාර්ය සාධනය සහතික කිරීම සඳහා තේරීම් කමිටුව, සහායක කාර්ය මණ්ඩලය සහ ඉහළ කාර්යසාධනයක් සහිත ඒකක සමඟ සමීපව කටයුතු කිරීම
කණ්ඩායම තුළ වෘත්තීයභාවය, විනය, එකමුතුකම සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ සංස්කෘතියක් පෝෂණය කිරීම
පුද්ගල සහ කණ්ඩායම් කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා දත්ත මත පදනම් වූ තීක්ෂ්ණ බුද්ධිය සහ නවීන පුහුණු ක්‍රමවේද භාවිතා කිරීම
පීඩනය යටතේ නායකත්වය පෙන්නුම් කිරීම, සන්සුන් භාවය පවත්වා ගැනීම සහ හැසිරීමේ සහ අඛණ්ඩතාවයේ ඉහළම ප්රමිතීන් සැකසීම
ජාතික කාන්තා කණ්ඩායම් වැඩසටහනේ සංවර්ධනය හා සාර්ථකත්වය සඳහා දිගුකාලීන උපායමාර්ගික සැලසුම්කරණයට දායකවීම, කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වෙන පුද්ගලයාගේ වගකීම් වනවා.














No point looking for a new coach, you should change the cricket board officials.
No need new coach.need to change more cricketers
We should have a coach who will be a very independent person whom should now bow down for any political pressure or from the board itself. Selection of the team and placement of players should be based on merits and performance.