වෙල්යායක දමාගොස් සිටිය දී හමුවූ බිළිඳිය ඉල්ලා පොලිසියට ඇමතුම් විශාල සංඛ්‍යාවක්

මාවතගම, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක දමාගොස් සිටිය දී මාවතගම පොලිසිය විසින් සොයාගත් බිළිඳියගේ මව සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

මේ අතර දින දෙකක් වයසැති මෙම බිළිඳිය දරුකමට හදාගැනීමට ඉල්ලා දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් තමන්ගේ දුරකථනයට පැමිණෙන බව මාවතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ආර්.එම්.එස්.ඒ. පද්මසිරි මහතා සඳහන් කළා.

ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මාවතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ද එම ඇමතුම් විශාල ප්‍රමාණයක් දිනකට පැමිණෙන බවයි.

මේ අතර අදාළ බිළිඳිය ප්‍රසූත කළ මව කවුරුන්ද යන්න සෙවීමේ විමර්ශන සඳහා සෞඛ්‍ය අංශවල ද සහාය ලබාගෙන ඇති බවයි මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම අවට මාර්ගවල ආරක්‍ෂිත කැමරා දර්ශන ද පරික්ෂා කරමින් මෙම විමර්ශන කටයුතු සිදුකරන බව ‘දසත නිවුස්’ කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියා.

පෙරේදා (17) පෙරවරුවේ සොයාගත් මෙම බිළිඳිය මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කර සිටියේ බිළිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇයගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සියල්ල සලසන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27