විසුරවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැදවීමේ ගැසට් නිවේදනය රජය විසින් 26 වෙනිදා නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්තකැටගොඩ මහත විසින් පුද්ගලිකව පාර්ලිමේන්තුවට කර ඇති යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත.
නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ මෙසේ සදහන් වේ.
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 5 (2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධූර කාලය දීර්ඝ කරන ලද කාලසීමාව මාස 12ක් ඉක්මවී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරණු ලබන තවත් යම් කාලසීමාවක් සදහා අදාළ විසිරුණු සභාව නැවත කැදවිය හැකි විය යුත්තේය.”
නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව විසුරවා ඇති සියළුම පළාත් පාලන ආයතන නැවත කැදවීමේ බලය විෂය බාර අමාත්‍යවරයාට හිමිවේ.













