විශ්ව සාම සමුළුවේ ආසියානු පැසිපික් කලාපීය සභාපතිවරයා, ජනපති හමුවෙයි

මෙරටට පැමිණ සිටින විශ්ව සාම සමුළුවේ ආසියානු පැසිපික් කලාපීය සභාපති නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිත නාත් දකාල් ඊයේ (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.

මෙහිදී ලෝක සාමය පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දායකත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විශ්ව සාම සමුළුවේ ආසියානු පැසිපික් කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය යුන් යොන් හෝ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

විශ්ව සාම සමුළුවේ ආසියානු පැසිපික් කලාපීය සභාපතිවරයා මෙරට සංචාරයක නිරත වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරාධනයකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?