ශ්‍රී ලංකාවට එන ඉන්දීය ටෙස්ට් කණ්ඩායම දින හතරේ තරගය දින තුනට බස්සයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම මුලින් සැලසුම් කර තිබූ සිව්දින පුහුණු තරගය දින තුනක් දක්වා අඩුකර තිබෙනවා.

මුලින් දින හතරක තරඟයක් ලෙස සැලසුම් කර තිබූ පුහුණු තරගය මේ වනවිට අගෝස්තු 07 සිට අගෝස්තු 09 දක්වා දින තුනක් පැවැත්වීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ.

සංචාරය සඳහා ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කරන විට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්‍රකාශ කර තිබුණේ කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර කොළඹදී දින හතරක පුහුණු තරගයක් ක්‍රීඩා කරන බවයි.

ඒ අනුව කාලසටහන මේ වනවිට සංශෝධනය කර ඇති අතර, BCCI සහ ඉන්දීය කණ්ඩායම් කළමනාකරණය ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට මෙම වෙනස පිළිබඳව දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් සංශෝධිත කාලසටහන පිටුපස ඇති නිශ්චිත හේතුව නිල වශයෙන් අනාවරණය කර නැහැ.

ඒ, අනුව මෙම පුහුණු තරගය කොළඹ NCC ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, අනතුරුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15