spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයා රිමාන්ඩ්

බුදු දහමට නිගා වන අයුරින්” ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” නමින් හඳුන්වාගත් චීවරධාරියා ලබන 09 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය .

මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට සැකකාර චීවරධාරියාව බන්ධනාගාර රෝහල වෙත ඉදිරිපත් කර තිබූ හෙයින් ඊයේ දින අධිකරණය ඉදිරිපත් නොකළ අතර ලබන නමවෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝග නිකුත් කරමින් දන්වා සිටියේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ආගම් අතර වෛරයක් ඇතිවෙන පරිදි අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බවත් ,දණ්ඩ නිතී සංග්‍රහයේ 291 වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි බවත් සැකකාර චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සම්පූර්ණයෙන් දෝෂ සහිත බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින් එම කරුණු සලකා බලා ඇප ලබා දෙන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?