විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයා රිමාන්ඩ්

බුදු දහමට නිගා වන අයුරින්” ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” නමින් හඳුන්වාගත් චීවරධාරියා ලබන 09 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය .

මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට සැකකාර චීවරධාරියාව බන්ධනාගාර රෝහල වෙත ඉදිරිපත් කර තිබූ හෙයින් ඊයේ දින අධිකරණය ඉදිරිපත් නොකළ අතර ලබන නමවෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝග නිකුත් කරමින් දන්වා සිටියේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ආගම් අතර වෛරයක් ඇතිවෙන පරිදි අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බවත් ,දණ්ඩ නිතී සංග්‍රහයේ 291 වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි බවත් සැකකාර චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සම්පූර්ණයෙන් දෝෂ සහිත බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින් එම කරුණු සලකා බලා ඇප ලබා දෙන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12