ඉන්දියානු ජනප්‍රිය සිනමා නිළි පූජා හෙග්ඩේ (Pooja Hegde) ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් අද (10) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ හරහා දිවයිනට පැමිණියා.
මෙම සංචාරයේදී ඇය කොළඹ පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවයකට ද සහභාගී වීමට නියමිත බවට වාර්තාවෙනවා.
ඇය 11/10 දින පස්වරු 02.02 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට , ඉන්ඩිගෝ ගුවන් සේවයේ ඊ.- 1181 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
පූජා හෙග්ඩේ ඉන්දීය සිනමාවේ මෙන්ම එරට සංගීත ක්ෂේත්රයේ ද අතිශය ජනප්‍රිය නමක් දිනා ගැනීමට සමත් වී සිටින නිළියකි.
