විදේශ රටකට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙක්ට ගෙවලා – සජිත්ගෙන් අනාවරණයක්

අප රටට ලැබුණු යම්කිසි විදේශ ණයක වාරිකය නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරු භාවයකින් තොරව කටයුතු කිරීම නිසා වාර්තා වන ආකාරයට මේ මොහොත වන විට රටේ අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ මෙම ඩොලර් මිලියන 2.5ක මුදල පරිගණක හැකර්වරයෙකු විසින් ව්‍යාජ තොරතුරු සපයා ලබා ගෙන ඇති බවයි.

වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට අප රටේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කරන්න හැකියාවක් නොමැති බව මේ අනුව පෙනී යන බවත් අප රටේ ඩොලර් හැකර්කරුවන්ට ව්‍යාජ තොරතුරු හා තහවුරු කිරීම් ඉදිරිපත් කර මුදල් අහිමි කරන්න හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත්නම් රටේ මූල්‍ය ආරක්ෂාව පවා අනතුරේ බවත් මේ මූල්‍ය පද්ධතියේ දුර්වලතාව නිසා තවත් බරපතල ගැටලුවක් ජාතික ආරක්ෂක ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (22) කතරගම කන්ද විහාරය සහ යෝදකන්ඩිය රනකෙළිය උද්දකන්දර රජමහා විහාරයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමින්.

පරිගණක හැකර්කරුවකුට අප රටේ විදේශ ණය වාරිකයක් ව්‍යාජ ලෙස ලබා ගන්න හැකි වූයේ කෙසේද කියා ප්‍රශ්නයක් ඇති බවත් මුදල් යවන විට ණය කළමනාකරණ කාර්යාලය, විදේශ සම්පත් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව ආදී ආයතන නිශ්චිත නිවැරදි ක්‍රියාවලියක් හා යාන්ත්‍රණයක් නිර්මාණය කර නොමැති ද කියා ගැටලුවක් ඇති බවත් මෙය බරපතල ගැටලුවක් බවත් රටේ මූල්‍ය ස්ථායිතාව හා කළමනාකරණය සම්බන්ධ ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

මේ කරුණ ගැන නිවැරදි විනිවිදභාවයෙන් යුක්ත පාරිදෘෂ්‍ය වගවෙන වගකියන යාන්ත්‍රණයක් හා පරීක්ෂණයක් අවශ්‍ය බවත් සත්‍ය සොයා බැලිය යුතු බවත්, රටේ භාණ්ඩාගාරයෙන් මෙ මුදල් පිට්පොකට් ගැහුවේ කෙසේද කියා සොයා බැලිය යුතු බවත් මේ මුදල් යැවීමට පෙර නිවැරදි තහවුරුකිරීමක් සිදු නොකළේ ඇයි ද කියා ප්‍රශ්නයක් ඇති බවත්, අපක්ෂපාතීව ස්වාධීන පරීක්ෂණයක් හරහා මේ සම්බන්ධයෙන් සෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
2
+1
5
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05