spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල මණ්ඩලයට වැඩ වරදින ලකුණු

ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

උසස් පෙළ විභාගය සමයේ විදුලිය සැපයීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ දී පැවැති සාකච්ඡාවේදී විදුලිබල අමාත්‍යංශයෙ කිසිදු නිලධාරියකුට බලපෑමක් නොකළ බවත් එහිදී මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ සිටි අතිරේක ලේකම්වරයාට නීතිය පැහැදිලි කළ බවයි සභාපතිවරයා කියාසිටියේ.

මානව හිමිකම් කොමිසම අදාළ අදාළ සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආරාධනා කළ තිබියදී අතිරේක ලේකම්වරයකු සහභාගී කරවීම මෙම ගැටලූවට මූලික වූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම කාලසීමාවේදී අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඇමතිවරයාගේ ද අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව සභාපතිවරයා සඳහන් කළේ, එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවයි.

පසුගියදා මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවකදී එකගතාව පළවී තිබුණේ උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි.

කෙසේවෙතත් පසුගිය දින දෙකේදීම විදුලි කප්පාදුව සිදු කෙරුණු අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ මණ්ඩලය ඉල්ලා ඇති කිසිදු විදුලි කප්පාදුවකට තමන් අවසර ලබා නොදෙන බවයි.

මේ අතර විදුලිබල මණ්ඩලයෙන් සාකච්ඡාව සඳහා සහභාගී වූ නියෝජිතාට තර්ජනය කර අත්සන් ලබාගෙන ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ සැලසුම් කළ පරිදි දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව සිදු කරන බවයි.

එය සිදු කරනු ලබන්නේ කළමනාකරණ වැඩසටහනකට අනුව බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දී ඇතැයි ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.එස්.එම්.මරික්කාර් සහ හිටපු පා.ම.සුනිල් හදුන්නෙත්ති සහභාගීවන දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-26
01:04:20
Video thumbnail
පාර්ලිමේන්තුව උණුසුම් කළ දවසේ කතාව දේශබන්දු "පොලිස්පතිවරයෙක් එහෙම කනින් අල්ලලා එළියට දාන්න බෑ"
06:32
Video thumbnail
සජිත් ගහපු ගුරු සෙල්ෆිය...#sjb #sajithpremadasa
00:49
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වූ විවිධ වැඩසටහන්
03:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:30
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19

?