ක්‍රිෂ් නඩුවට ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්න්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව එම ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයන් දෙදෙනෙකු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ ඉල්ලා සිටියා.

ඒ, සිද්ධියට අදාළව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියකු අධිකරණයේ සාක්ෂි කුඩුවේදී සාක්ෂි ලබා දෙමින්.

නමුත් එම ඉල්ලන ලද වරෙන්තුව මේ අවස්ථාවේ දී ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ ලේඛන මත ඉදිරිපත් වන කරුණු තිබූ පමණින් වරෙන්තුවක් ඉදිරිපත් කිරීමට නොහැකි බවත් සිද්ධියට අදාළව ප්‍රමාණවත් සාක්ෂි විමර්ශන නිලධාරියා විසින් අධිකරණයට බී වාර්තාවක් මගින් දැනුවත් කළ යුතු බවයි.

සිද්ධිය අදාළව සහකාර අධ්‍යක්ෂක (නීති) සාක්ෂි මෙහෙය වූ අතර, අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියකු විසින් සාක්ෂි ලබාදෙනුු ලැබුවා.

සාක්ෂිකරු පවසා සිටියේ ක්‍රිෂ් ට්‍රාන්සර් ප්‍රයිවට් ගිණුම හරහා නිමල් හේමසිරි පෙරේරා හරහා අවස්ථා කිහිපයක දී මෙම ප්‍රශ්නගත සිද්ධියට අදාළව මිලියන හැත්තෑවක අල්ලස් මුදල මෙම සිද්ධියේ සිව්වැනි සැකකරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ලබාගෙන ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව තුන්වන සැකකරු වන ජානකී සිරිවර්ධන නමැත්තිය ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
මෙම සිද්ධියට අදාළව එම ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂකවරයන් දෙදෙනෙකු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තාහට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන ගුවන් තැපැල් මගින් කැදවීම් ලිපි යොමු කළා.
සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට. නමුත් එම කැදවීම් ලිපිවලට කිසිම ප්‍රතිචාරයක් මේ වෙනකන් ලැබී නැහැ.
මෙම අධ්‍යක්ෂකවරුන්ට නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. ඒ අනුව ස්වාමීනි වරෙන්තු නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් සාක්ෂිකරු අධිකරණයේදී පවසා සිටියා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුගෙන් මෙලෙස විමසා සිටියා.

මහේස්ත්‍රාත්වරයා,

ක්‍රිෂ් සමාගමේ එම ඉන්දියන් ජාතිකයන් දෙදෙනාගේ තනතුරු මොනවාද?

සාක්ෂිකරු –

ස්වාමීනී අමිත් කට්ටයාර් කියන නමැත්තා එම සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කර තිබෙනවා. රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා විධායක නිලධාරි සහ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා

එම සමාගම ලංකාවේ ලියාපදිංචි කර ඇති සමාගමක්ද ?

සාක්ෂිකරු

ඔව් ස්වාමීනි 2012/9/9 දින රෙජිස්ටර් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා

මිලියන 70 කොහෙන්ද එම සමාගමට ලැබිලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගිණුම් තිබෙනවාද ?

සාක්ෂිකරු

ක්‍රිෂ් ට්‍රාන්සර් කොලොම්බු පැනල් යනුවෙන් ගිණුමක් හදලා. පෞද්ගලික බැංකුවක් හරහා.

මහේස්ත්‍රාත්වරයා

එම පෞද්ගලික බැංකුවේ ගිණුමට අදාළ බැන්ඩේජ් පත්‍ර ලබා ගත්තාද?

සාක්ෂිකරු

තවම සොයාගෙන නෑ ස්වාමීනී ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනවා. නමුත් එම පෞද්ගලික බැංකුවෙන් වාර්තාවක් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කළා.

“2026/9/24 දින පුද්ගලයන් දෙදෙනෙක් නම්කර තිබෙනවා. වරෙන්තු නිකුත් කරන්න කියලා ඉල්ලලා තිබෙනවා අද අධිකරණයෙන්. එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවන අතර ඉන්දියාවේ පදිංචි පුද්ගලයන්. වරෙන්තු නිකුත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඉදිරිපත් කරන තිබෙන සාක්ෂි ප්‍රමාණවත් නැහැ. ක්‍රිෂ් ට්‍රාන්සර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ලෙස මෙම දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බවයි සාක්ෂිකරු අධිකරණයේදී දන්වා සිටියේ. අල්ලස් කොමිසමට වරෙන්තු ඉදිරිපත් නොකර අත්අඩංගුවට ගන්න පුළුවන්. ඊට පෙර අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි ⁣ගොනු කළ යුතුයි. එම නිසා මේ මොහොතේ වරෙන්තුව ප්‍රතික්ෂේප කරනවා.”
යනුවෙන් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25