විදුලිබල මණ්ඩලයට වැඩ වරදින ලකුණු

ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

උසස් පෙළ විභාගය සමයේ විදුලිය සැපයීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ දී පැවැති සාකච්ඡාවේදී විදුලිබල අමාත්‍යංශයෙ කිසිදු නිලධාරියකුට බලපෑමක් නොකළ බවත් එහිදී මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ සිටි අතිරේක ලේකම්වරයාට නීතිය පැහැදිලි කළ බවයි සභාපතිවරයා කියාසිටියේ.

මානව හිමිකම් කොමිසම අදාළ අදාළ සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආරාධනා කළ තිබියදී අතිරේක ලේකම්වරයකු සහභාගී කරවීම මෙම ගැටලූවට මූලික වූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම කාලසීමාවේදී අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඇමතිවරයාගේ ද අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව සභාපතිවරයා සඳහන් කළේ, එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවයි.

පසුගියදා මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවකදී එකගතාව පළවී තිබුණේ උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි.

කෙසේවෙතත් පසුගිය දින දෙකේදීම විදුලි කප්පාදුව සිදු කෙරුණු අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ මණ්ඩලය ඉල්ලා ඇති කිසිදු විදුලි කප්පාදුවකට තමන් අවසර ලබා නොදෙන බවයි.

මේ අතර විදුලිබල මණ්ඩලයෙන් සාකච්ඡාව සඳහා සහභාගී වූ නියෝජිතාට තර්ජනය කර අත්සන් ලබාගෙන ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ සැලසුම් කළ පරිදි දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව සිදු කරන බවයි.

එය සිදු කරනු ලබන්නේ කළමනාකරණ වැඩසටහනකට අනුව බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දී ඇතැයි ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30