වැඩි මිලට බිත්තර අලෙවි කළ 4කට නඩු

පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල තලවකැලේ නගරයේ වෙලෙදුන් කිහිප දෙනෙකුට එරෙහිව නෛතික පියවර.

තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් 4 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම වෙළඳුන් ට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට (22) කටයුතු කළ බවයි නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නායක මහතා සඳහන් කළේ.

තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් වෙළඳුන් බිත්තර අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත නිලධාරීන් කළ වැටලීමකදී එම වෙළඳුන් රතු බිත්තරයක් රුපියල් 50 කට, සුදු බිත්තරයක් රුපියල් 48 කටත් අලෙවි කල බවයි අමිල රත්නායක මහතා කියාසිටියේ.

වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් සිව්දෙනා ඇපකරයක් මත මුදා හැර මේ මස 28 දින නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙවැනි වැටලිම් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා සිදු කරන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?