වැඩි මිලට බිත්තර අලෙවි කළ 4කට නඩු

පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල තලවකැලේ නගරයේ වෙලෙදුන් කිහිප දෙනෙකුට එරෙහිව නෛතික පියවර.

තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් 4 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම වෙළඳුන් ට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට (22) කටයුතු කළ බවයි නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නායක මහතා සඳහන් කළේ.

තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් වෙළඳුන් බිත්තර අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත නිලධාරීන් කළ වැටලීමකදී එම වෙළඳුන් රතු බිත්තරයක් රුපියල් 50 කට, සුදු බිත්තරයක් රුපියල් 48 කටත් අලෙවි කල බවයි අමිල රත්නායක මහතා කියාසිටියේ.

වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් සිව්දෙනා ඇපකරයක් මත මුදා හැර මේ මස 28 දින නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙවැනි වැටලිම් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා සිදු කරන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16