spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැට් එකත් එක්ක දුරකථන සහ රුපවාහිනී සේවා ගාස්තු වැඩිවෙන හැටි

රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා වැඩි කිරීම හේතුවෙන් සියලුම ජංගම දුරකථන ගාස්තු, ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ්, ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ්, රූපවාහිනිය සහ අගය එකතු කළ සේවාවන් සඳහා අදාළ බදු ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.

වැට් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මිල වෙනස් වන ආකාරය පිළිබඳව Dialog Axiata සිය පාරිභෝගිකයන් වෙත සටහනක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේ දී සියයට 15ක්ව පැවැති වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුවයි මෙම ගාස්තු ඉහළ දමනු ලබන්නේ. මෙම බදු වැඩි කිරීම සමග ඇමතුම් සහ අන්තර්ජාල ගාස්තු සියයට 23.5කින් ඉහළ යන අතර ගෙවුම් රූපවාහිනි ගාස්තුව ඉහළ යනු ලබන්නේ සියයට 42.02කින්.

Dialog TV
Dialog
Hutch
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
1
+1
24
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?