Marina-frontහි පිහිටි Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්, ඇත්තටම ඒකට හේතුව මොකක්ද?

කොළඹ වරාය නගරයට (Port City) ඇතුළු වීමේදී පළමුවෙන් ඇස ගැටෙන, Marina එකට මුහුණලා තියෙන සුවිශේෂ ස්ථානය පිළිබදව මේ දිනවල දේපළ වෙළෙඳපොළේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එලෙස ඉදිවනුයේ, Prime Group පුද්ගලික සමාගම සහ Melwa පුද්ගලික සමාගම එක්ව ඉදි කරන Prime Marina ව්‍යාපෘතියේ දෙවන අදියර වන Prime Marina 2 කොටසයි.

මෙහි විශේෂත්වය වනුයේ මෙය පිහිටි ස්ථානයයි.

වරාය නගරය (Port City) වෙත ඇතුළුවන ස්ථානයේ සිට Marina එක දක්වා විහිදෙන මෙම භූමි ප්‍රදේශය, වරාය නගරයට පැමිණෙන අයෙක්ට පළමුවෙන්ව හමුවන ස්ථානයක්.

ඊට අමතරව, Marina එකට මුහුණලා පිහිටි මෙහි, සාමාන්‍ය වරාය නගරයේ ලිපිනයෙන් ඔබ්බට වෙනස් වන බවයි කතාබහට ලක්වෙන්නේ.

ලෝකයේ ප්‍රධාන නගර හා සංසන්දනයේ දී Marina-front properties යනු සීමිත සැපයුමක් සහිත දේපළ වර්ගයක්.

කොළඹ වරාය නගරයෙනුත් 1%ක ප්‍රමාණයක් පමණක් Marina-front වලට අයත්.

Prime Marina 2 යනු, එම 1%ක ප්‍රමාණය තුළ පවතින ලිපිනයක්.

මේ නිසාම Marina එක ඉදිරිපිටම පවතින මෙවැනි ස්ථානයක් ගැන ආයෝජකයන්ගේ අවධානය යොමුවීම පුදුමයක් නෙවෙයි.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ව්‍යාපාර සහ lifestyle destination ලෙස තවදුරටත් වර්ධනය වෙමින් පවතින විට, එහි ප්‍රවේශයේම Marina-facing property යකට හිමිකම් කියන්න ලැබීමත් එක්ක Prime Marina 2 පිළිබදව දේශීය ආයෝජකයන් අතර පමණක් නොව, විදේශීය ආයෝජකයන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරත් උනන්දුවක් ඇති වෙමින් තිබෙන බව වාර්තා වනවා.

එයට හේතුව ඉහළම capital appreciation එකක් වගේම ඉහල rental income එකක් ගැනීමේ හැකියාව හේතුවෙන්.

ඒ වගේම වරාය නගරය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වීමට අවුරුදු 10කට 15කට ආසන්නව ගත වුවද මෙම ස්ථානයේ පවතින ප්‍රදේශය පළමුවෙන් Fully Function තත්ත්වයකට එක්වනවා.එය තවත් අමතර වාසියක්.

තවත් කතාබහට ලක්වන කරුණක් නම්, මෙම ස්ථානයේ පවතින future potential එක.

Marina එකට මුහුණලා ඇති ඉදිරිපස locations සීමිත වීම නිසාත්, ඉදිරියේදී Port City එක තව තවත් සංවර්ධනය වුණත් මෙවැනි frontline Marina location එකක් ලංකාවේ නැවත නිර්මාණය නොවන නිසාත්, ක්ෂේත්‍රයේ වගේම කලාපයේම අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අතරේ Prime Marina 2 සඳහා රුපියල් මිලියන 59කින් ආරම්භ වන හඳුන්වාදීමේ මිලක් නියම කර තිබීමත් විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.

කොළඹ නගරයට පහසු ප්‍රවේශය, Marina එකට ඇති සමීපත්වය සහ Port City හි වර්ධනය වන Marina lifestyle ecosystem එකත් එක්ක, මේ ස්ථානය දේපළ ආයෝජකයන් අතර කතාබහට ලක්වීම අහම්බයක් නොවෙයි.

මේ නිසාවෙන්ම මේ දවස්වල Port City Colombo ගැන කතා කරනකොට අලුතින්ම ඇහෙන නම තමයි Prime Marina 2.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37