ශිරාන් බාසික් අධිකරණයට – වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11 වැනිදාට

කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මේ වන විට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය විසින් විත්තිකරුවන්ට භාරදිය යුතු ලේඛන අඩංගු ගොනු විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක, චමින්ද අතුකෝරල සහ වසන්ත පිටිගල යන නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම ලේඛන අධ්‍යයනය කර යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා ඊළඟ දින අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බවයි.

රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගය මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවයි.

එම අවස්ථාවේදී විනිසුරුවරිය සඳහන් කළේ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවත් මේ වන විට මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කඩා වැටී ඇති නිසා ඒ සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මේ වන විට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය විසින් විත්තිකරුවන්ට භාරදිය යුතු ලේඛන අඩංගු ගොනු විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක, චමින්ද අතුකෝරල සහ වසන්ත පිටිගල යන නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම ලේඛන අධ්‍යයනය කර යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා ඊළඟ දින අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බවයි.

රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගය මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවයි.

එම අවස්ථාවේදී විනිසුරුවරිය සඳහන් කළේ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවත් මේ වන විට මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කඩා වැටී ඇති නිසා ඒ සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06