අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (02) නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
සිය සැමියාගේ සිරදඬුවම ලිහිල් කර ගැනීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් දුන් සිද්ධියට අදාළව අල්ලස් ගැනීමට අනුබල දුන් චෝදනාවට සැකකාර රෙජිස්ට්‍රාර්වරයා මෙලෙස අත්අඩංගුට ගෙන තිබුණා.










