වසර 03කට පසු අද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව එක්දින පිටියේදී එකිනෙකා මුණගැසෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය අද (14) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය සහ අවසන් විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණයත් සමඟ කණ්ඩායම් දෙකම ජයග්‍රාහී මානසිකත්වයෙන් අද දිනයේ එක්දින තරගාවලියට පිවිසෙනවා.

අද තරගය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ ද ශ්‍රී ලංකා කණ්ඩායම තවමන්ත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

මේ දක්වා දෙරට අතර එක්දින තරග 97ක් පවත්වා ඇති අතර ඉන් තරග 61ක් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටින අතර, ශ්‍රී ලංකාවට ලැබී ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 32ක්.

ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 04ක් බවයි පසුගිය වාර්තාවල දැක්වෙන්නේ.

එක්දින තරගයක දී අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව හමුව ඇත්තේ 2019 වසරේ ජූනි 15 වනදායි.

ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව එක්දින තරගයක් සඳහා එකිනෙකා මුණ ගැසෙන්නේ වසර 03කට පසුව වීම විශේෂත්වයක්.

2022 වර්ෂය සඳහා මේ දක්වා ඕස්ට්‍රේලියාව එක්දින තරග 03ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 02ක් පරාජයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව ද මෙම වසර සඳහා එක්දින තරග 03ක් ක්‍රීඩා කර ඇති අතර එහි ප්‍රතිඵලය ලෙස දැක්වෙන්නේ ජයග්‍රහණ 02ක් සහ එක් පරාජයක් ලෙසටයි.

දෙරට අතර අද (14) ආරම්භවන පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?