වසර 03කට පසු අද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව එක්දින පිටියේදී එකිනෙකා මුණගැසෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය අද (14) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය සහ අවසන් විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණයත් සමඟ කණ්ඩායම් දෙකම ජයග්‍රාහී මානසිකත්වයෙන් අද දිනයේ එක්දින තරගාවලියට පිවිසෙනවා.

අද තරගය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ ද ශ්‍රී ලංකා කණ්ඩායම තවමන්ත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

මේ දක්වා දෙරට අතර එක්දින තරග 97ක් පවත්වා ඇති අතර ඉන් තරග 61ක් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටින අතර, ශ්‍රී ලංකාවට ලැබී ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 32ක්.

ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 04ක් බවයි පසුගිය වාර්තාවල දැක්වෙන්නේ.

එක්දින තරගයක දී අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව හමුව ඇත්තේ 2019 වසරේ ජූනි 15 වනදායි.

ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව එක්දින තරගයක් සඳහා එකිනෙකා මුණ ගැසෙන්නේ වසර 03කට පසුව වීම විශේෂත්වයක්.

2022 වර්ෂය සඳහා මේ දක්වා ඕස්ට්‍රේලියාව එක්දින තරග 03ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 02ක් පරාජයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව ද මෙම වසර සඳහා එක්දින තරග 03ක් ක්‍රීඩා කර ඇති අතර එහි ප්‍රතිඵලය ලෙස දැක්වෙන්නේ ජයග්‍රහණ 02ක් සහ එක් පරාජයක් ලෙසටයි.

දෙරට අතර අද (14) ආරම්භවන පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16