වසර හතරකට පසු තායි එයාර්වේස් ශ්‍රී ලංකාවට

වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකව සමඟ ගුවන් ගමන් සේවා යළි ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ඊයේ (31) දින තායි එයාර්වේස් ගුවන් සේවයට අයත් TG 307 දරණ ගුවන්යානය මෙරටට පැමිණියා.

එම ගුවන් යානය ඊයේ (31) රාත්‍රී 11.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි එහි තායිලන්ත ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150ක් පමණ මෙරටට පැමිණ තිබෙනවා.

මෙම ගුවන්යානය අද (01) දින පෙරවරු 7.05ට යළි තායිලන්තයේ බැංකොක් නුවර බලා පියාසර කිරීමට නියමිතයි.

ඒ, අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදුකෙරෙන බවයි කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කළේ.

මෙම ගුවන්යානය සහ සංචාරකයින් පිළිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණි සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51