spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර හතරකට පසු තායි එයාර්වේස් ශ්‍රී ලංකාවට

වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකව සමඟ ගුවන් ගමන් සේවා යළි ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ඊයේ (31) දින තායි එයාර්වේස් ගුවන් සේවයට අයත් TG 307 දරණ ගුවන්යානය මෙරටට පැමිණියා.

එම ගුවන් යානය ඊයේ (31) රාත්‍රී 11.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි එහි තායිලන්ත ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150ක් පමණ මෙරටට පැමිණ තිබෙනවා.

මෙම ගුවන්යානය අද (01) දින පෙරවරු 7.05ට යළි තායිලන්තයේ බැංකොක් නුවර බලා පියාසර කිරීමට නියමිතයි.

ඒ, අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදුකෙරෙන බවයි කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කළේ.

මෙම ගුවන්යානය සහ සංචාරකයින් පිළිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණි සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?