වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට

හොරොව්පොතාන පරංගියාවාඩිය මාර්ගයේ හතරෙ කණුව සහ පහේ කණුව අතර වෙල්යාය ආසන්නයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ පුද්ගලයෙකු වැටී සිටින බවට අද අලුයම 2ට පමණ පරංගියාවාඩිය සිට කොළඹ දක්වා යන බස් රථයේ ගමන් ගත් පිරිසක් විසින් හොරොව්පොතාන පොලිසියට කළ දැනුවත් කිරීමකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

අලුයම 3.30ට පමණ එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් බිම වැටී සිටි පුද්ගලයා හොරොව්පොතාන දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු රෝහල් ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවටයි හොරොව්පොතාන දිසා රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.

මෙලෙස වන අලි පහරට ලක්ව මියගොස් සිටි පුද්ගලයා පරංගියාවාඩිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් වන අතර ඊයේ (20) රාත්‍රී පරංගියාවාඩිය සිට හොරොව්පොතාන නගරයට යතුරුපැදියෙන් පැමිණ පැත්තේ භාණ්ඩ මිලදී ගැනීමට බව සඳහන්.

ඒවා මිලදීගෙන නැවත නිවසට යමින් සිටි අතරවාරයේ දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දේහය හොරොව්පතාන දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03