spot_imgspot_img
spot_img

ලෝක ගුරු දිනය අදයි

යුනෙස්කෝ ආයතනය විසින් , ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කර තිබේ.

ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීම සිදු වූයේ එදිනයි. නිල වශයෙන් මෙම ගුරු දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ 1994 ඔක්තෝම්බර් 5 වනදායි.

ගුරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතයි.

ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.

සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?