ලෙඩ සනීප කරන්න කළ ශාන්ති කර්මයෙන් ජීවිතයත් නැති වෙයි

ලග්ගල , හත්තොට අමුණ ප්‍රදේශයේ සිදු කළ ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැවති අසනීප තත්ත්වයන් සුව කර ගැනීම සඳහා කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සඳහා මෙම ශාන්ති කර්මය සිදු කර ඇති බවයි පොලිසිය විමර්ශනවලදී අනාවරණ කරගෙන ඇත්තේ.

ශාන්ති කර්මය අතරතුරදී ඔවුන්ට තැඹිලි ගෙඩි 21ක් පානය කිරීමට ලබාදී ඇති අතර එම අවස්ථාවේදී එක් කාන්තාවක් අසනීප වූ බව සඳහන්.

ඇය අසනීප වූ විට ශාන්තිකර්මය සිදු කළ පුද්ගලයන් කහ වතුර පානය කිරීමට ලබා දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

ශාන්තිකර්මය සිදු කළ බව කියන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලග්ගල පොලිසියයයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
16
+1
4
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27