ලීසිං හා ණයවාරික ගෙවන්නන් මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වෙයි

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිරිස බස් රථයක නැගී මහ බැංකුව ඉදිරිපිටට පැමිණ මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එලෙස පැමිණි එම පිරිස මහ බැංකුව ඉදිරිපිට වාඩි වී විරෝධතාවක නිරත වෙමින් කියා සිටින්නේ තැන්පත්කරුවන්ගේ පොළිය සීයට 8ක් දක්වා පහත දමා ඇති අවස්ථාවේ ලීසිං සඳහා අයකරන පොළිය තවමත් 27% ක මට්ටමක පවතවාගෙන යන බවයි.

මෙම අසාධාරණ පොළී අනුපාතය අඩු කිරීමට අවස්ථා කිහිපයකදීම මහ බැංකු අධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද එම පොරොන්දු තවමත් ඉටු වී නොමැති බව ද ඔවුන් පවසා සිටියා.

පසුව එම ස්ථානය උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, කොම්පඤ්ඤ වීදිය පොලිසිය මඟින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
4
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44
Video thumbnail
සජිත් ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි.. සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06
Video thumbnail
සුරේෂ් සලේට කන්න දෙන විදිය හෙළිකරන ගම්මන්පිල - බිමට පත්තර කොළ දාලා දෙන්නේ
03:31
Video thumbnail
වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට..ම#ණ කිහිපයක් වෙලා
04:58
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31