ලයිට් බිල ඔන්ලයින් ගෙවන්න යළිත් අවස්ථාව

ලංකා විදුලිබල මණ්ඩලයේ ඔන්ලයින් ගෙවීම් පද්ධතිය නැවතත් ආරම්භ කළ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

පසුගිය වසරේ නොවැම්බර් මස අග භාගයේ දී සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය තාවකාලිකව අතිහිටුවා තිබුණා.

අනතුරුව සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ උපදෙස් මත ආරක්ෂක සම්මුතිය නිසි ලෙස කළමනාකරණය කිරීමට කඩිනම් පියවර ගත් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට තවදුරටත් ගැටළු ඇත්නම් විදුලිබල මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1987 හරහා තොරතුරු ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩි දුරටත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?