රෝහිත් ශර්මා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දීය පුරවැසියෙකුට එරට රජයෙන් හිමිවන සිව්වන ඉහළම සම්මානය වන, පද්ම ශ්‍රී සම්මානයෙන් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ෂර්මා පිදුම් ලබා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ අතිමහත් දායකත්වය වෙනුවෙන් ඉන්දීය ජනරජය විසින් මෙම සම්මානය ඔහුට පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (23) නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන් හිදී පැවති 2026 පද්ම සම්මාන උළෙලේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් රෝහිත් ෂර්මාට මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එක්ව සිටියා.

2026 පද්ම සම්මාන උළෙලේදී, ජනාධිපති මුර්මු විසින් ගෞරව සම්මාන 65ක් ප්‍රදානය කරනු ලැබුවා.

එහිදී පද්ම විභූෂණ සම්මාන 02ක්, පද්ම භූෂණ සම්මාන 07ක් සහ පද්ම ශ්‍රී සම්මාන 56ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted