රුසියානු ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් යුක්රේනය අනාවරණය කරයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබද යුක්‍රේන බුද්ධි අංශ අනාවරණයක් සිදු කර තිබෙනවා. එම බුද්ධි වාර්තා පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් සකස් කරමින් සිටින්නේ රුසියාවේම ප්‍රභූන් පිරිසක් හා ධනවත් ව්‍යාපාරිකයින් පිරිසක් බවයි.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වස පානය කිරීමට සලස්වා ඔහුව ඝාතනය කිරීම එම සැලසුම බව යුක්‍රේන බුද්ධි අංශ අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමට රුසියාව තුලින්ම සැලසුම් නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාගේ බටහිර විරෝධී ක්‍රියාකලාපය බවටයි වාර්තා වන්නේ. ඊට අමතරව යුක්‍රේන අර්බුදය හමුවේ රුසියාවට එරෙහිව බටහිර රටවල් ප්‍රධානව ජාත්‍යන්තරයෙන් පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය මුහුණ පා ඇති අසීරුතා ද රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව රට තුලින්ම විරෝධතා පැන නැගීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කළහොත් බටහිර රටවල් සමග යලිත් වෙළඳ ගණුදෙනුවලට එලඹිය හැකි බව පුටින් විරෝධීන්ගේ මතය වී තිබෙනවා.

ඒ අනුව ව්ලැදිමීර් පුටින් ඝාතනය වුවහොත් මීළගට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පත් කරන පුද්ගලයාව ද මේවනවිට කුමන්ත්‍රණකරුවන් විසින් තෝරා ගෙන ඇතැයි ද යුක්‍රේන බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01