කැස්බෑව පොලිස් වසමේ මඩපාත ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක පොල්හේන ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
මෙම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරිය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













