වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි පන්නයේ හෝටලයකට අයත් ඉඩමකට විදුලිසැර වැදී සුනඛයින් හතර දෙනකු මියයාමේ පුවතක් වාර්තා වනවා.
එම හෝටලයේ ඉඩම් මායිම ආසන්නයේ විදුලිසැර දැමීම හේතුවෙන් ඊයේ රාත්‍රීයේ මෙම ඉඩමට ගමන් ගත් සුනඛයින් හතර දෙනෙකුට මෙසේ විදුලිසර වැදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සුනඛයින් මියයාම සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය සහ වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.













