පළාත් 02ක සහ දිස්ත්‍රික්ක 05ක උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, උතුරුමැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (21) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (20) පස්වරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.