පෙරහැර අසිරිය විඳගැනීමට මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට “David Pieris E Mobility – බැති සිත් වන්දනා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ පෙරහැර අසිරිය විඳ ගැනීමට මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මඟින් මෙවරත් විශේෂ වැඩසටහනක ක්‍රියාත්මක කරනවා.

“David Pieris E Mobility – බැති සිත් වන්දනා” නමින් මෙම සුවිශේෂී බැතිබර සත්කාර වැඩසටහනක ක්‍රියාත්මක කෙරෙන අතර,
මෙම වැඩසටහන යටතේ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන් සඳහා Bajaj WEGO ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ මගින් නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබෙනවා.

පෙරහැර ආරම්භ වූ අගෝස්තු 18 වන දින සිට අවසන් දිනය දක්වා ක්‍රියාත්මක වන මෙම සේවාව මගින් වැඩිහිටි බැතිමතුන්ට, ගර්භණී මව්වරුන්ට සහ ශාරීරික අපහසුතා ඇති බැතිමතුන්ට විශේෂ ප්‍රමුඛතාව ලබාදෙමින් මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීම සිදුකරනවා.

සැමට පහසු, සුරක්ෂිත සහ සුවපහසු පෙරහැර අත්දැකීමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

එමෙන්ම Bajaj Chetak ඉලෙක්ට්‍රික් ස්කූටර් මගින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නොමිලේ පානීය ජල පහසුකම් සහ අවශ්‍ය සහාය ලබාදීමටත් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මෙම සුවිශේෂී බැතිබර සත්කාර වැඩසටහන යටතේ කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම පෙරහැර නැරඹීමේ දී බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී ආස්‍යා අතුරනයක් ලබාදීමටත් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම කටයුතු යොදා තිබෙනවා.

පරිසර හිතකාමී ගමනාගමනය මූලික කරගනිමින් අ නාගත පරපුර වෙනුවෙන් පිරිසිදු හෙට දවසක් ගොඩ නැගීමට ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම සිය සමාජ වගකීම මැනවින් ඉටුකරනවා.

වසර 40කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ ගමන් මඟට ශක්තියක් වෙමින් විශ්වාසය, නවීනත්වය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සමඟින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඔබ සමඟින් ඉදිරියට පැමිණෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33
Video thumbnail
තමුසෙනේ පි#සා ඕයි - දිවුලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් - පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා යකා නටයි..
15:49
Video thumbnail
සක්#ලි ආණ්ඩුව, අනුරට ## දෙනවා - රෙද්ද උස්සගෙන දුන්නනේ
10:41
Video thumbnail
අනවසර ගොඩනැගිලි නිසා බලන්ගොඩ න. සභාව උණුසුම් - මාලිමාවේ අයගේ අනුග්‍රහයෙන් කරපු දෙයක් ?
09:48
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12