පාස්කු නඩුවේ විත්ති සාක්ෂි විභාගය 17 සිට දිනපතා – එක් විත්තිකරුවෙක් නිහඬව සිටීමට තීරණය කරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය ලබන සඳුදා (17) සිට දිනපතා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

නඩුවේ චූදිතයින්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ විත්තිවාචිකය කැඳවීම ඊයේ (13) සිදුකර ඇති අතර, එහිදී චූදිතයින්ට ව්‍යවස්ථාපිතව හිමි සියලු අයිතිවාසිකම් පිළිබඳව ද පහදා දී ඇති බව නඩු වාර්තාවේ සඳහන්.

ඒ අනුව අද (14) නඩුව යළි කැඳ වූ අවස්ථාවේ දී එක් එක් චූදිතයාගේ ඉදිරි විත්තිවාචික ස්ථාවරය සම්බන්ධයෙන් අධිකරණය විසින් විමසා ඇති අතර, එහිදී චූදිතයින් තමන් විසින් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් වෙන වෙනම සිය ස්ථාවරයන් දැනුම් දී තිබෙනවා.

නඩු වාර්තාව අනුව ඇතැම් චූදිතයින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන්ද කැඳවීමට නියමිතයි.

තවත් චූදිතයින් පිරිසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් නමුත්, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

නවුෆර් මවුලවි ඇතුළු පිරිසකගෙන් සාක්ෂි,

පළමු චූදිත නවුෆර් මවුලවි විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරන බවත්, ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවන බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

දෙවන චූදිත මොහොමඩ් සරීෆුද් ආදම් ලෙබ්බේ (හජ්ජි මාමා) විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකරන නමුත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බවයි දන්වා ඇත්තේ.

තුන්වන චූදිත හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරන අතර, ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවන බවට සඳහන් කර තිබෙනවා.

සිව්වන චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ පස්වන චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් ද විත්තිකූඩුවේ සිට ප්‍රකාශ සිදුකිරීමටත්, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවීමටත් තීරණය කර ඇති බව නඩු වාර්තාවෙන් අනාවරණය වුණා.

මේ අතර හයවන චූදිත මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් විත්තිකූඩුවේ නිහඬව සිටින බවත්, ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් නොකැඳවන බවත් අධිකරණයට දැනුම් දී තිබීම විශේෂත්වයක්.

හත්වන චූදිත මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනුස්දීන් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරන නමුත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බවත්, අටවන චූදිත අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆර්දවුස් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකර ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවන බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

නවවන චූදිත මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් ද විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමටත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවීමටත් සූදානම් බව සඳහන් කර ඇත්තේ.

දසවන චූදිත අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරන නමුත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව දැනුම් දී තිබෙනවා.

11 වන චූදිතයාද විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට සහ ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවීමට තීරණය කර ඇති බව නඩු වාර්තාවේ සඳහන්.

12 වන චූදිත මොහොමඩ් සවාහිර් මොහොමඩ් හසන් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකරන අතර ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන්ද කැඳවන බව දැනුම් දී තිබෙනවා.

13 වන චූදිත මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් ද විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකර තමන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවන බවයි අධිකරණයට දැනුම් දී ඇත්තේ.

14 වන චූදිතයා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට සූදානම් නමුත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව දන්වා තිබෙනවා.

15 වන චූදිතයා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකරන අතර ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවීමට නියමිත බව නඩු වාර්තාවේ සඳහන්.

16 වන චූදිතයා ද විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට තීරණය කර ඇති නමුත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව දැනුම් දී තිබෙනවා.

මේ අතර 18 වැනි චූදිතයා මියගොස් ඇති බව නඩු වාර්තාවේ දැක්වෙනවා.

ඉන් අනතුරුව සඳහන් වන 19 වන චූදිතයා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකරන අතර, ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවන බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

20 වන චූදිතයා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකරන නමුත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව ප්‍රකාශ කර තිබෙනවා.

21 වන සහ 22 වන චූදිතයින් ද විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

23 වන චූදිතයා ද විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකරන නමුත් ඔහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව දන්වා තිබෙනවා.

ඒ, අනුව අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති විත්ති පාර්ශ්වයේ ස්ථාවරයන් සැළකිල්ලට ගැනීමේදී, විත්තිකරුවන් පිරිසක් සිය විත්තිවාචිකයේ දී විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර, ඔවුන්ගෙන් කොටසක් තමන් වෙනුවෙන් තවත් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරනවා.

අනෙක් පිරිස විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කිරීමට පමණක් තීරණය කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව දැනුම් දී තිබෙනවා.

24 වන සහ 25 වන චූදිතයින් සම්බන්ධයෙන් ද ඔවුන් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති නමුත්, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව නඩු වාර්තාවේ සඳහන්.

මෙලෙස එක් එක් චූදිතයාගේ විත්තිවාචික ස්ථාවරය අධිකරණය හමුවේ පැහැදිලි කිරීමෙන් පසු නඩුවේ ඊළඟ වැදගත් අදියර වන විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය 2026 අගෝස්තු 17 වැනි සඳුදා සිට දිනපතා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති චූදිතයින්ගේ ප්‍රකාශ මෙන්ම, තමන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන බව දැනුම් දී ඇති චූදිතයින්ගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් ද ඉදිරි නඩු විභාගයේදී කටයුතු සිදුවීමට නියමිතයි.

නඩුවේ සියලු චූදිතයින්ට ඔවුන්ට හිමි ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් පිළිබඳව පහදාදීමෙන් පසුව, ඔවුන්ගෙන් එක් එක් අය තමන් විසින් විත්තිවාචිකයේ දී අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දීමත් සමඟ නඩුව විත්ති සාක්ෂි විභාගය කරා යොමු වී තිබෙනවා.

ඒ, අනුව පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය ලබන සඳුදා සිට දිනපතා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06