රාජ්‍ය සේවකයින් පාපැදියෙන් රාජකාරියට ඒමට දිරිගන්වන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියට මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම හඳුන්වා දීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ගෙන එනු ලැබූ අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට සක්‍රීය වාහන ප්‍රමාණය මිලියන 05 කට අධික වන අතර එය 2000 වර්ෂයට වඩා තුන් ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරනු ලබන බවත් විශේෂයෙන් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් සහ මෝටර් රථ වැනි පුද්ගලික වාහන ආනයනය ඉහළ යෑම ඒ සඳහා හේතුවී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය තුලින් වායු දුෂණය අවම කිරිම මෙන්ම ශරිර සෞඛ්‍ය, වාතයේ ගුණාත්මකභාවය, පරිසරය, දේශගුණික විපර්යාස සහ පුද්ගල මුල්‍ය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ලබන බවයි පරිසර අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ,

  • පවතින මාර්ග සඳහා සුදුසු පාපැදි මංතීරු සලකුණු කිරීම සහ පදිකයින් සඳහා වන දැනට පවතින ඇවිදීමේ මංතීරු වැඩිදියුණු කිරිම.
  • අනාගතයේදී ඉදිකරනු ලබන මාර්ග සඳහා පාපැදි සහ ඇවිදින මංතිරු ඇතුලත් කිරිමට පියවර ගැනීම.
  • රජයේ කාර්යාල කාර්යමණ්ඩල සඳහා පා පැදි භාවිතය දිරි ගැන්විමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම.
  • කාර්යාලවල පා පැදි භාවිත කරන්නන් සඳහා ඒවා නවතා තැබීමේ ස්ථාන සහ ඒ සඳහා ප්‍රවේශය ඇතුළු අවශ්‍ය පහසුකම් සපයා දීමට මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45