රාගම පොලිස්බල ප්රදේශයේ ග්රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බැවින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්රියාත්මක වන පරිදි රාගම ග්රාම සේවා වසම් තුනක් සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ඊයේ (01) රාත්රියේ පියවර ගත්තා.













