මෙරට දී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මාලදිවයින් ජාතිකයින් දෙදෙනක් මාට්ටු

රුපියල් කෝටියක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි මාලදිවයින් ජාතිකයෙක් කටුනායක දී සහ ඒවා මෙරට තුළ බෙදාහැරීම සිදු කරන ප්‍රධාන ජාවාරම්කරු කොළඹ දී ද ඊයේ (22) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

40 හැවිරිදි වියේ පසුවන මාලදිවයින් ජාතිකයා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඊයේ (22) දින කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොළඹ මූලස්ථානයේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව, පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථ අසළ අවේක්ෂණ රාජකාරිවල නිරත වී තිබෙනවා.

එහිදී 40 හැවිරිදි වියේ පසුවන මාළදිවයින ජාතිකයෙක් ඊයේ දහවල් 12.15ට මාළේ නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 922 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

 ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී, ඔහු සිය සිරුරේ ලිංගික ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 602 ක ප්‍රමාණයක් , පාර්සල් 02 ක් ලෙස සකස් කර , ඒවා සෙලෝ ටේප් මගින් අලවා ගෙන රැගෙන විත් තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගියාගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදී, තමන් මෙම මත්ද්‍රව්‍ය තොගය, ශ්‍රී ලංකාව තුළ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කරන ප්‍රධාන ජාවාරම්කරු වෙත ලබා දීම සදහා රැගෙන ආ බව අනාවරණය කර ගෙන ඇති අතර ඒ අනුව ඊයේ (22) දින රාත්‍රී, කොළඹ හෝටලයක රැදී සිටි මෙම ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු ද 28 හැවිරිදි වියේ පසුවන මාලදිවයින ජාතිකයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, ඔහු සන්තකයෙහි ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 670 ක ප්‍රමාණයක් තිබී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයන් දෙදෙනා අද (23) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් දින 14 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතයි.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40