රටම කම්පා කළ කින්නියා සිද්ධියත් බෝලේ පාස් කරන්න දඟලන පුස් වීරයෝ

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නිය නගර සභාව මගින් බවත් එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයට චෝදනා කිරීමට විපක්ෂ නායක ගත් ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔහු අදහස් පලකර සිටියේ සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්වලට පිළිතුරු වශයෙන්.

කෙසේ වෙතත් ජීවිත බිළිගත් පසු එකිනෙකාට ඇගිල්ල දිග් කිරීම දේශපාලඥයාගේ පුරුද්දක් බව බුද්ධිමත් මිනිසුන් කල්පනා කරනු ඇත.

මෙවන් තත්ත්වයකට ඇද දැමීමට අරයාට මෙයාට ඇගිලි දිග්කිරීමෙන් පැන යා හැකියැයි සිතනා දේශපාලකයන් කවදත් කළේ ජනතාවට කොකා පෙන්වීම පමණය..

කවුරුන් කුමන දේ කොයි කාලයේ කළත් ඒ තුල වරදක් ඇත්නම් වත්මන් බලධාරීන්ට එය නිවැරදි කිරීමට නොහැකි වීම සාධාරණද..?

ජීවිතයක වටිනාකම නොදත් මෙවන් දේශපාලඥයන් නිසා රටටත් ජනතාවටත් ඉතිරිවන්නේ ඛේදවාචකයක් පමණකි.

තමන්ගේ දරුවන්ට අති සුඛෝපභෝගී පහසුකම් ලබාදෙද්දී ඇතැම් දරුවන්ට පයට සෙරෙප්පු දෙකක්වත් නැති බව මොවුන් නොදන්නා සේ රඟපෑම විහිළුවට කරුණකි.

මව්පියන්ට අහිමිවූ දරුවන්ව නිමල් ලන්සාට හෝ විපක්ෂ නායකවරයාට නැවතත් ලබාදිය නොහැකිය..

අවසානයේදී මෙයට වගකිව යුතු කිසිවෙක් නැති බවත් මෙය එම දරුවන්ගේම වරදක් බවත් කියවෙන තැනට මෙය පත්වීම සිදුවනු නොඅනුමානය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27