රටම කතා වූ දැරණියගල පොලිස් සිද්ධියේ සැකකරුවන් හතරක් රිමාන්ඩ්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනෙක් ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (20) දිනයේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය ජූනි 19 වනදා දැරණියගල පොලිස් බලප්‍රදේශයේ දී අයුතු ජනරාශියක සාමාජිකයින් වී පොලිස් නිලධාරීන්ට පහරදීම සහ අයිස් මිලිග්‍රෑම් 24900 ක් සන්තකයේ තබා ගැනීම යන අපරාධ සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය වැටලීමකට යාමේදී ඔවුන්ගේ රාජකාරියට බාධාකර එම පොලිස් නිලධාරීන්ට සැකකරුවන් විසින් පහර දී තිබුණා.

මෙම සිදුවීම පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ දැඩි අවධානයකට ලක්වූ අතර, පොලිස් රාජකාරියට බාධා කළ පිරිස චෝදනා කළේ පොලිස් නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය අතින් දමා මෙම අවස්ථාවේ දී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27